December 16, 2023

කොළඹ නගරයේ වසර 100 කට වඩා පැරණි ගස් 558 ක් අනතුරුදායක බවට හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසයි.

ඒ අතුරින්, විවිධ පාර්ශ්වවලින් ලැබුණු තොරතුරු අනුව අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇත්තේ ගස් 330 ක් පමණක් බවද ඇය සඳහන් කරයි.

කෙසේවෙතත්, පසුව සිදුකළ පරීක්ෂාවකදී අනතුරුදායක ගස් 558ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 214 ක් කොළඹ නගර සභාවේ මැදිහත්වීමෙන් ඉවත් කළ බව කොමසාරිස්වරිය පවසයි.

“අනෙකුත් නගර හා සසඳන විට කොළඹ ගස් වැඩිපුර තිබෙනවා. ඇතැම් ගස් වසර 100 කට වඩා පැරණියි. මෙම ගස් සංරක්ෂණය කිරීම සඳහා අතු කපා ගස් සමතුලිත කිරීමට නගර සභාව විශාල උත්සාහයක් දරනවා.” යැයි ඇය ප්‍රකාශ කරයි.

අනතුරුදායක යැයි හඳුනාගෙන ඇති ගස් හැරුණු විට, කොළඹ නගරයේ අනෙකුත් ගස් ද කඩාවැටීමේ අවදානමක් පවතින අතර කොළඹ කුරුඳුවත්ත ග්‍රෙගරි පාර අසල විශාල ගසක් හරස් අතට කඩාවැටීමත් සමඟ කොළඹ නගරයේ ගස් කඩා වැටීමේ මාතෘකාව යළිත් කතාබහට ලක්ව තිබේ.

42.31%
17.27%
32.76%