February 7, 2025

යුක්රේනයේ යුද්ධය සඳහා රුසියානු හමුදාව විසින් ශ්‍රී ලාංකිකයන් 554 දෙනකු බඳවාගෙන ඇති අතර ඉන් 59 දෙනකු මියගොස් ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් මෙම මරණ තහවුරු කර ඇති බවත්, වැඩිදුර තොරතුරු රැස්කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ගැටුමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින අතර මේ සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටී.

42.31%
17.27%
32.76%