Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැණි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පළාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට ස්ථාන මාරුකර යැවීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබේ.
මෙලෙස ස්ථාන මාරු කිරීමට ලක් කර ඇත්තේ මහනුවර අධ්‍යාපන කලාපය,හඟුරන්කෙත අධ්‍යාපන කලාපය, හැටන් කලාපය,වලපනේ කලාපය යන අධ්‍යාපන කලාප වලට අයත් විදුහල්වල ගුරුවරුන් බව ‘ලංකාදීපය’ මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් පවසා ඇත.
මෙම ගුරුවරුන් ළමුන්ගෙන් මුදල් අයකර තමන්ගේ පංතිවල ඉගෙනුම ලබන දරුවන්ට අමතර පංති පවත්වා උගන්වා ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත්, ඔවුන් උසස් පෙළ,සාමාන්‍ය පෙළ සහ ප්‍රාථමික පංතිවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් මෙලෙස මුදල් අයකර අමතර පංතිවල උගන්වා ඇති බවත් පළාත් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර තිබේ.
මෙම ගුරුවර ගුරුවරියන්ට එරෙහිව විනය පරීක්ෂණද පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart