March 11, 2025

කරදියනාරු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ඒ, පාසලේ ආපන ශාලාවෙන් සහ පාසලෙන් පිටත පිහිටි වෙළඳසැලකින් ආහාර ගැනීමෙන් අනතුරුව සිසුන්ට අසාත්මිකතාවක් හටගැනීම හේතුවෙනි.

ඒ අනුව ආහාර විෂවීමක් බවට සැකකෙරෙන ළමුන් 50 දෙනකු පමණ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.