Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (පෙබරවාරි 01 වන දින) සිට පෞද්ගලික වාහන ආනයනය ලිහිල් කරන ලද බැවින්, වසරකට අදාළ වන පරිදි, වාහන ආනයන බද්ද සඳහා සියයට 50 ක අධිභාරයක් පනවන බව ඊට අදාළව නිකුත්කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වේ.
“1988 අංක 83 දරන පනත මගින් සංශෝධිත රේගු ආඥා පනතේ (235 වන පරිච්ඡේදය) 10 A වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, මෙම නියෝගය මගින් මෙහි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ආනයනික භාණ්ඩ සඳහා, 2025 පෙබරවාරි 01 වන දින සිට වසරක කාලයක් සඳහා සාමාන්‍ය සහ වරණීය පදනම මත අදාළ රේගු ආනයන බද්දෙන් 50% ක අනුපාතයකින් අධිභාරයක් අයකරමි,” යැයි එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව වාහන සඳහා සාමාන්‍ය රේගු බද්ද සියයට 20 ක් පමණ වන අතර එය සියයට 10 සිට සියයට 30 දක්වා ඉහළ යනු ඇත.
විදුලි වාහන සඳහා බදු විස්තර කරන ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබේ.
මෝටර් රථයකට රුපියල් මිලියන 6 සිට දක්වමින් නව සුඛෝපභෝගී බදු ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart