October 21, 2024

ගිනිඅවි සහ පතොරම් තාවකාලිකව භාරදෙන ලෙස සිවිල් වැසියන්ට නිකුත් කළ දැනුම්දීමට ප්‍රතිචාර වශයෙන් ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් ආපසු භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

1916 අංක 33 දරන ගිනිඅවි ආඥාපනත පනතේ 6(1) සහ 6(2) වගන්ති යටතේ ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී ඇති බලතලවලට අනුකූලව මෙම තීරණය ගනුලැබුවේ රජයට ගිනිඅවි තාවකාලිකව පවරාගැනීමට ඉඩ සලසමිනි.

සමාලෝචන ක්‍රියාවලියකින් අනතුරුව මෙම ගිනිඅවි යළි නිකුත් කරන බව අමාත්‍යාංශය සඳහන් කර තිබිණි.

ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට තම ගිනිඅවි සහ පතොරම් 2024 නොවැම්බර් 7 වැනි දිනට පෙර වැලිසර නාවික හමුදා කඳවුරේ ඇති වාණිජ පුපුරන ද්‍රව්‍ය ගිනිඅවි සහ පතොරම් ප්‍රසම්පාදන ඒකකයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

මේ වනවිට ගිනි අවි 50කට ආසන්න සංඛ්‍යාවක් ආපසු භාරදී ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් විවිධ හේතූන් මත ගිනිඅවි බලපත්‍ර 1650ක් පමණ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

සියලුම ගිනිඅවි සහ පතොරම් නියමිත දිනට පෙර ආපසු භාරදිය යුතු බවත්, ඊට අපොහොසත් වන පුද්ගලයන්ට එරෙහිව 1916 අංක 33 දරන ගිනිඅවි ආඥාපනත පනතට අනුව නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

දේපළ/භෝග ආරක්ෂණ හෝ ක්‍රීඩා කටයුතු සඳහා නිකුත් කරන ලද ගිනිඅවි සඳහා මෙම රෙගුලාසිය අදාළ නොවන බව ද අමාත්‍යාංශය පැහැදිලි කර ඇත.

42.31%
17.27%
32.76%