October 17, 2024

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පස්දෙනෙකි.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ 7 පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනකුට මෙම එන්නත ලබාදීම සිදුකර තිබිණි.

එන්නත ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේරුදාව, උදරය වේදනාව හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%