December 29, 2024

ත්‍රිරෝද රථ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 31ත් 54ත් අතර පසුවන මෙම සැකකරුවන් සීදූව, ඔරුගොඩවත්ත, කොළඹ 10 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් දෙසැම්බර් 27 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස් පාර ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ඇත.

මෙහෙයුම අතරතුර, එක් සැකකරුවකු ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් හෙවත් ‘අයිස්’ සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරකම් කරන ලද ත්‍රිරෝද රථ නවයක් සොයා ගැනීමට ද හැකි වී තිබේ.

ඊට පසුදින (28) සොරකම් කළ ත්‍රිරෝද රථ ළඟ තබාගෙන සිටි තවත් සැකකරුවන් හතර දෙනෙකු සීදූව, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔවුන් කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

කොටුව, කිරිබත්ගොඩ, වත්තල සහ බොරැල්ල යන පොලිස් වසම්වල මෙම සොරකම් සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%