Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ටර්පෝල් විසින් රතු වරෙන්තු නිකුත් කර සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් 45ක් පමණ විදේශගතව සිට මෙරට සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සිදු කරන බවට ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම වාර්තාවලට අනුව එවැනි අපරාධකරුවන් වැඩි වශයෙන් රැඳී සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය.
මෙම රටවල් සමඟ අත්සන් කර ඇති පිටුවහල් කිරීමේ ගිවිසුම් අනුව ඔවුන් කොටු කර ගනිමින් නඩු පැවරීමට රජය කටයුතු ආරම්භ කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටක් වශයෙන් එවැනි අපරාධකරුවන් හසුකර ගැනීම සහයෝගීතාව දක්වමින් තිබේ.
පසුගිය දා අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ඩුබායිහි සැඟවී සිටින ‘ලොකු පැටී’ සහ ‘ගොනාකෝවිලේ ශාන්ත’ නැමැති අපරාධකරුවන්ගේ ද සහාය ඇතිව ප්‍රහාරය මෙහෙයවූයේ කුප්‍රකට අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් බවයි.
මෙරට නීතිවිරෝධී ක්‍රියාකාරකම් කරගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා පළමුව ඩුබායිහි රැකවරණ පතා ගිය අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු මේ වන විට වෙනත් රටවලට පළා ගොස් ඇති බව ද වාර්තා වේ.
දැනට චෝදනා එල්ල වන්නේ නඩුවකින් ඇප ලබා රටින් පළා ගිය කංජිපානි ඉම්රාන් විදේශගතව සිට මෙරට අපරාධ ක්‍රියා සැලසුම් කරන බවටයි.
මෑතකදී, ශ්‍රී ලංකා බලධාරීන්, ඩුබායි බලධාරීන්ගේ සහයෝගය ඇතිව, රතු නිවේදන නිකුත් කර සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව මෙරටට රැගෙනවිත් තිබිණි.
මෙරට ඝාතන රැසකට සහ වෙනත් නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ යැයි කියන පාතාල නායකයන් දෙදෙනෙකු ඩුබායි සිට නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.
නුගේගොඩ පදිංචි 48 හැවිරිදි දිනේෂ් සමන්ත ද සිල්වා නොහොත් “බබී” සහ මට්ටක්කුලිය, සමිත්පුර පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා හෙවත් “සමිත්පුර චතු” යන සැකකරුවන් දෙදෙනා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් පසුගියදා රැගෙන එනු ලැබීය.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී තිබිණි.
‘සමිත්පුර චතු’ කොළඹ අපරාධ කොට්ඨාසයටත් ‘බබී’ මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයටත් භාරදුන් බව පොලිසිය පවසයි.
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයකු ලෙස හඳුනාගෙන ඇති හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් “පියුමා” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පසුව 2024 පෙබරවාරි 15 වැනි දින ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබිණි.
තවත් කුප්‍රකට පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රුවන් ජයසේකර නොහොත් “මිදිගම රුවන්” මෙන්ම කුප්‍රකට අපරාධකරුවකු වන රමේෂ් මිහිරංග නොහොත් “මන්න රමේෂ්” ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට භාර දී තිබිණි.
“මිදිගම රුවන්” අත්අඩංගුවට ගත්තේ ජාත්‍යන්තර පොලිසියේ වරෙන්තුවක් මතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart