August 22, 2024

නිධන්ගත රෝගී තත්ත්වයක් නොමැතිව රට තුළ පැතිර ගිය හඳුනාගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වය මේ වන විට බොහෝ දුරට අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව සම්බන්ධයෙන් ප්‍රබල අභියෝගයකට මුහුණ දී ඇතැයි ද, අධික රුධිර පීඩනය පිළිබඳව කලාපයෙන් වැඩිම රෝගී ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවද, වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට වැඩි පිරිසකට අධික රුධිර පීඩන තත්ත්වය පවතින බවද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

වැඩිහිටි ජනතාවගෙන් සියයට 24 ක් දියවැඩියාවෙන් පෙළෙන බවද හෙතෙම පැවසීය.

එබැවින් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනයට ඉදිරියේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාවන් පිළිබඳව ආණ්ඩුව වැඩි අවධානයක් යොමුකරන බවත් ඒ සඳහා වැඩිපුර මුදල් යොදවන බවත් ඇමැතිවරයා කියාසිටියේය.