March 8, 2024

ජාතික විගණන කාර්යාලය පවසන්නේ, විගණන සේවය තුළ සියයට 40ක තනතුරු පුරප්පාඩු පවතින බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විශේෂ විගණන සිදුකිරීමට අභියෝග මතුව ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්.ඒ.සී. වික්‍රමරත්න පවසයි.

ඔහු සඳහන් කරන්නේ, විගණන නිලධාරීන් බඳවාගැනීම සඳහා අයැදුම්පත් කැඳවා ඇති බවයි.

දැනට රජයේ සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවූ බව විගණකාධිපතිවරයා පවසයි.

තරඟ විභාගය කඩිනමින් පවත්වා පුරප්පාඩු 465ක් පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

42.31%
17.27%
32.76%