Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිනකට මෙරට මිනිසුන් 40ක් පමණ මද්‍යසාර භාවිතය හේතුවෙන් අකාලයේ මිය යන බව නවතම වාර්තාවක් හෙළිකර තිබේ.
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වාර්තාවට අනුව මද්‍යසාර භාවිතය නිසා වසරකට මිනිසුන් 15,000ක් පමණ මිය යන බව වාර්තාවී තිබේ.
එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ, මද්‍යසාරවලින් මෙරටට ලැබෙන ආදායමට වඩා මද්‍යසාර නිසා රටට සිදුවන ආර්ථික හානිය විශාල බව අධ්‍යයනවලින් පැහැදිළි වන බවයි.
2015 වසරේ මෙරට සුරාබදු ආදායම රුපියල් මිලියන 105,234ක් වී තිබිණි.
එහෙත් එම වසරේ මද්‍යසාර නිසා රජයට සිදු වූ ආර්ථික හානිය රුපියල් මිලියන 119,660ක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
රටක තිරසාර සංවර්ධන ඉලක්ක 17න් 14ක් සඳහාම මද්‍යසාර බාධකයක් ලෙස කටයුතු කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ , මද්‍යසාර කිසිදු ප්‍රමණයක් මිනිස් සිරුරට හිතකර නොවන බව විද්‍යාත්මකව සනාථ කර ඇති අතර පිළිකා, සිරෝසිස්, වකුගඩු, හෘද රෝග වැනි රෝග රැසකට මද්‍යසාර භාවිතය සෘජුවම බලපාන බව තහවුරු කර ඇති බවයි.
රිය අනතුරු, කාන්තා හිංසනය හා ළමා අපචාරවලටද මද්‍යසාර ප්‍රධාන හේතුවක්වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart