December 21, 2023

අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ අනුරාධපුර වනජීවී කලාපයේ පුද්ගලයන් 40 දෙනකු සහ වන අලි 83 දෙනකු පමණ මියගොස් ඇති බව අනුරාධපුර කලාප වනජීවී සංරක්‍ෂක ඩබ්ලිව්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න පැවැසීය.

අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා එන්.ජී.අබේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති වන්දි කමිටු රැස්වීමේදී මේ බව අනාවරණ විය.

වන අලි ප්‍රහාරවලින් පුද්ගලයන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 47 දෙනකු ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර, නිවාස සහ අනෙකුත් දේපළ 710කට විශාල හානියක් සිදුව ඇති බව පෙන්වා දුන් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය රුපියල් මිලියන 54.9ක මුදලක් මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා වන්දි වශයෙන් ගෙවා ඇති බව සඳහන් කළාය.

වන අලි 49 දෙනෙකු නීතිවිරෝධී විදුලි උගුල්වලින් විදුලි සැර වැදී මිය ගොස් ඇති අතර තවත් 34 දෙනකු වෙඩිතබා හෝ ස්වාභාවික තත්වයන් යටතේ මියගොස් ඇති බව කලාපය භාර වනජීවී සංරක්‍ෂකවරයා සඳහන් කළේය.

42.31%
17.27%
32.76%