Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවාගෙන යෑමේ වරදකට නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළැකී සිටීම සඳහා රුපියල් 25,000ක මුදලක් සහ ජංගම උපකරණ උපාංගයක් බලහත්කාරයෙන් ලබාගත්තේ යැයි කියන මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ, මාලිගාවත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල් රියදුරකුගේය.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ, කොළඹ මධ්‍යම සහකාර පොලිස් අධිකාරිවරයා විසිනි.
මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා ඉකුත් 15 වැනිදා රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටියදී මෝටර් රථයක් නවතා පරීක්ෂා කර ඇත.
රියදුරාට එම රථය පැදවීම සඳහා රියදුරු බලපත්‍රයක් නොමැතිවීම නිසා ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළැකී සිටීමට රුපියල් 25,000ක මුදලක් සහ ජංගම දුරකථන උපාංගයක් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි එම පොලිස් නිලධාරියා පැවසීය.
කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෝටර් රථ රියදුරා මේ බව කොළඹ මධ්‍යම සහකාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව මූලික විමර්ශනයක් පවත්වා පොලිස් නිලධාරීන් සිව්දෙනාගේ වැඩ මෙසේ තහනම් කර ඇත.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart