September 1, 2024

අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් හතරක් යෝජනා කර තිබේ.

ගිහාන් කුලතුංග, දමිත තොටවත්ත සහ අමල් රණරාජා යන මහාධිකරණ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරු තිදෙනා ඒ අතර වෙති.

ඔවුන්ව නිර්දේශ කර ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසිනි.

නම්කර සිටින සිව්වැන්නා වන්නේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව ය.

ඔහු නිර්දේශ කර ඇත්තේ නීතිපති පාරින්ද රණසිංහ විසිනි.

දැනට අභියාචනාධිකරණයේ පුරප්පාඩු පහක් ඇත.

තවත් විනිසුරුවරයකු වන විකුම් කළුආරච්චි ලබන මාසයේදී විශ්‍රාම යෑමට නියමිතය.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ පසුගිය සඳුදා විශ්‍රාම ගියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ නංවමිනි.