September 6, 2024

මුලතිව්, මාන්කුලම් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත්කිරීමේ නිරත රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් සිව්දෙනෙකු බිම් බෝම්බයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිවිල් යුද්ධය පැවති සමයේ එම ප්‍රදේශයේ වළ දැමූ බිම් බෝම්බ ඉවත් කිරීමට මෙම රාජ්‍ය නොවන සංවිධානය කටයුතු කරමින් සිට තිබිණි.

තුවාල ලැබූ සේවකයන් මාන්කුලම් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇත.