August 27, 2024

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) මිලියන 4.7ක් නිකුත් කර ඇති අතර මේ වසරේ ජූලි මාසය අවසන් වන විට මුළු නව බදු ලිපිගොනු සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව මේ වසර සඳහා රුපියල් ට්‍රිලියන 4කට අධික රජයේ ආදායම් ඉලක්කයක් තබා ඇත.

එය 2023 වසරට වඩා එක් කාර්තුවක පමණ වැඩි අදායම් ඉලක්කයකි.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අවුරුදු 18ට වැඩි සෑම ශ්‍රී ලාංකිකයකුම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක ලබා ගත යුතු බව රජය ප්‍රකාශ කර තිබිණි.

ප්‍රායෝගික දුෂ්කරතා මධ්‍යයේ වුවද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ වසරේ මුල් මාස හත තුළ මිලියන 4.7ක ජනතාවක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක නිකුත් කර ඇති බවයි.

“අපි TIN එක එකවර 10,000ක් වගේ තොග වශයෙන් විවෘත කරනවා. නම සහ ලිපින සාක්ෂි ඇතුළුව දැඩි සත්‍යාපන ක්‍රියාවලියක් තිබෙනවා,” දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති, අන්තර්ජාතික කටයුතු සහ නීති භාර නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවසීය.

බදු ජාලය පුළුල් කිරීම සහ බදු ආදායම ඉහළ නැංවීම අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇති වැඩසටහන යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය විසින් ක්‍රියාවට නංවා ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ දෙකකි.

බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.5ක් තරම් පහත වැටීමෙන් පසු 2022 දී ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආදායම වැඩි දියුණු වෙමින් පවතින නමුත් මෙම පියවර මගින් රජයේ ජනප්‍රියත්වයට පහර වැදී ඇත.

බදු ආදායම මෙම වසරේ මුල් භාගයේ ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව ද ඔහු පැවසීය.