July 17, 2024

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම්වල තුන්වැනි අදියර අවසන් වී ඇති බව මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කනගසබාපති වාසුදේව පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ එම ස්ථානයේ කැණීම් කළ මුළු අස්ථි කොටස් සංඛ්‍යාව 52ක් බවයි.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ නියෝගයකට අනුව එම අස්ථි කොටස් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සුරක්ෂිතව ගබඩා කර ඇති බවද ඔහු පැවසීය.

පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් මුලතිව් පොලිසියේ සහාය ඇතිව කැණීම් කටයුතු සිදු කෙරිණි.

මෙම සොයාගැනීම් පරීක්‍ෂා කිරීමෙන් පසු අධිකරණය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙම කැණීම් ආරම්භ කර තිබුණේ 2023 දී කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජලනල කාර්මික කම්කරුවන් පිරිසකට හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් සහ ඇටසැකිලි කොටස් කිහිපයක් හමුවීමේ සිද්ධියකින් පසුවය.

මෙම සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් සැළකිව යුතු උනන්දුවක් ඇති කර තිබෙන්නේ ගැටුම් අතරතුර මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් හඳුනා ගැනීමේ කටයුතුවලට එය සහායක් වන බැවිනි.

42.31%
17.27%
32.76%