Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෙවී ගිය ඔක්තෝබර් මාසය දක්වා පමණක් මෙරට අලි ඇතුන් 399 දෙනෙකු මියගොස් තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉන් බහුතරයක් මියගොස් ඇත්තේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් සහ වෙඩි තැබීම් හේතුවෙන් බවයි.
ස්වාභාවික හේතූන් මතද වන අලි සැළකිව යුතු ප්‍රමාණයක් මිය ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරිනි හසිනි සරත්චන්ද්‍ර පෙන්වා දෙයි.
ඇය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් අලි ඇතුන් 74ක්ද, විදුලි සැර වැදී 47ක්ද, හක්කපටස් භාවිතය හේතුවෙන් 39ක් ද විෂ ශරීරගත වීමෙන් 3ක්ද, දුම්රිය අනතුරු හේතුවෙන් අලි ඇතුන් 19ක්ද, මාර්ග අනතුරකින් එක් අලියෙක් ද, වගා ළිංවලට වැටීමෙන් අලි ඇතුන් හතරක් සහ තවත් විවිධ සිදුවීම් හේතුවෙන් අලි ඇතුන් 15 දෙනෙක්ද මියගොස් ඇති බවයි.
ඉතිරි මරණ වාර්තා වී ඇත්තේ වයස්ගතවීම සහ ස්වාභාවික විපත් වැනි හේතූන් නිසා බවද ඇය පෙන්වා දෙයි.
2022 වසර වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වූ වසර වන අතර එය 439ක් බව ඇය සඳහන් කරයි.
“වර්තමාන තත්ත්වය සළකා බැලීමේදී 2022 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා ඉතිහාසයේ අලි මරණ සංඛ්‍යාව වැඩි ප්‍රමාණයක් වාර්තා වීමේ වැඩි හැකියාවක් පවතිනවා” යැයි හසිනි සරත්චන්ද්‍ර වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart