Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර දහයක් පමා වූ 1996 අංක 22 දරණ ගිනි අවි (සංශෝධන) පනත හා පුපුරන ද්‍රව්‍ය (සංශෝධන) පනත සංශෝධනය කිරීම කඩිනම් කරන්න ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) විසින් ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නේය.
රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගේ සභාපතීත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ 2020, 2021 හා 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සිදුකෙරිණි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
1996 අංක 22 දරන ගිනි අවි (සංශෝධන) පනත හා පුපුරන ද්‍රව්‍ය (සංශෝධන) පනත සංශෝධනය කිරීම සදහා 2012 වසරේ සිට කාරක සභාව මගින් නිර්දේශ කර තිබුණද එය විවිධ හේතුමත පමා වී ඇති බව මෙහිදී හෙළිවිය.
මේ වන විට ගිනි අවි 37000කට පමණ බලපත්‍ර ලබා දී ඇති බව ද නිලධාරීහු පැවසූහ.
මේ වන විට සංශෝධිත පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බැවින් කඩිනමින් එම කටයුතු අවසන් කරන බව නිලධාරීහු සදහන් කළහ.
බලපත්‍ර ගාස්තු සංශෝධන කළ යුතු බැවින් මෙම ප්‍රමාදය ඔස්සේ රාජ්‍ය ආදායම අහිමිවීම සිදුවන නිසා එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.
මේ අනුව මෙහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද උපදෙස් දීම සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart