Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ දීමනාව (DAT) ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ උපදෙස් අනුව තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
එම දීමනාව ගෙවීම සඳහා අනුමත ප්‍රතිපාදන සීමාව තුළ මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබාදීමට කටයුතු කර නොමැති බව ඔහු සදහන් කර ඇත.
ඒ පිලිබඳ මහභාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසදුම් ලබාගන්නා තෙක්, වැඩිකරන ලද රුපියල් 35,000ක මුදල ගෙවීම තාවකාලිකව සෞඛ්‍ය ලේකම්වරයාගේ දැනුම්දී අනුව අත්හිටවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා තිබේ.
මේ අතර රජයේ මෙම තීරණයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට උදැසන 08 සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය ද අනුමත කර ඉහළ දැමූ එම දීමනාව මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම මස තුළ ලබාදීම අවහිර කිරීම සඳහා යම් කූඨ උත්සාහයන් දියත්වෙමින් පවතින බව මේ වන විට තහවුරු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම ආන්දෝලනාත්මක තීරණ එක්වරම කරලියට පැමිණෙන්නේ ජනාධිපතිවරයා රට තුළ නොමැති අවස්ථාවක වීම ද විශේෂිත කාරණයක් බව එම සංගමය සඳහන් කරයි.
මෙබඳු ප්‍රයත්නයන් හරහා දැනටමත් අර්බුද ගණනාවකට මුහුණ දී ඇති සෞඛ්‍ය පද්ධතිය තවත් අඩපණ කිරීමේ හා රට තුළ අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද යන කාරණය සම්බන්ධයෙන් බරපතල සැකයක් නිර්මාණය වෙමින් පවතින බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart