Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ජනතාවට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් කොළඹ නගරයේ නව නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බවට රජය නිවේදනය කර ඇත.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු සදහන කර ඇත්තේ,ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීන රජය සමඟ පසුගියදා ගිවිසුමකට එළඹ ඇති බවයි.
“කොළඹ නිවාස ව්‍යාපෘති පහ ඉලක්ක කරන්නේ අඩු සහ මධ්‍යස්ථ ආදායම් ලබන පුද්ගලයන්. මෙම ව්‍යාපෘතය සඳහා ඩොලර් මිලියන 350ක් වැය වෙතැයි ගණන් බලා තිබෙනවා.” යැයි ඔහු ප්‍රකාශ කරයි.
නිවාස 2500ක් ඉදිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලැබී ඇති බව රාජ්‍ය ඇමැතිවරයා අනාවරණය කර තිබේ.
නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද දැනට අත්හිටුවා ඇති නිවාස ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැයෙන් කොටසක් ලෙස නැවත ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් සදහන කර ඇත.
“ නාගරික සැලසුම්කරණය සහ නගර ව්‍යාප්තිය වැනි ක්‍රියාකාරකම් ඇතුළත් රජයේ විවිධ ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. රජය සතු ඉඩම් ප්‍රයෝජනයට ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට අවස්ථාව සලසාදෙමින් දේශීය හා විදේශීය ආයෝජන සඳහා සුදුසු ඉඩම් ද අප සතුව පවතිනවා. නාගරික සංවර්ධන අධිකාරියේ දත්ත සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කළ පසු ඕනෑම කෙනෙකුට අධිකාරිය සතු ඉඩම් පිළිබඳ තොරතුරු වෙත ප්‍රවේශවීමට පුළුවන්.” යනුවෙන් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart