Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිගරැට්, අරක්කු සහ බියර් සඳහා දෛනිකව රුපියල් කෝටි සියයක් මෙරට තරුණ ශ්‍රම බළකාය විනාශ කර දමන බව විද්‍යාත්මක සමීක්ෂණ වලදී තහවුරු වූ බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අනාවරණය කරයි.
සමස්ත වැඩිහිටි පිරිමින්ගෙන් සියයට 30.2ක් සිගරැට් පානයට ඇබ්බැහි වී සිටින බව එහි විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් පවසයි.
දෛනිකව පුළුස්සා දමන සිගරැට් සඳහා රුපියල් කෝටි 40ක් සමස්ත ශ්‍රම බළකායෙන් බහුජාතික සමාගම් ගිලගන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.
1995 වසර පෙර වසරකට සිගරැට් මිලියන 5200ක් පමණ පුළුස්සා දැමූ නමුත්, 1996 වසරේ සිට සිගරැට් පානයෙන් තරුණ ශ්‍රම බළකාය ඉවත් වෙමින් සිටින බවත්, පසුගිය වසරේ දී සිගරැට් මිලියන 2300ක් පමණ පුළුස්සා දමා තිබෙන බවත් සිදුකළ සමීක්ෂණවලදී තහවුරු වූ බව හෙතෙම පවසයි.
අවුරුදු 18ට වැඩි පිරිමි ජනගහණයෙන් සියයට 35ක් මද්‍යසාර භාවිතයට ඇබ්බැහි වී සිටින බවත්, මෙරට ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3ක් වන අතර, දෛනිකව කෝටි 60ක මද්‍යසාර පරිභෝජනය කෙරෙන බවත්, විධායක අධ්යක්ෂවරයා සඳහන් කරයි.
මද්‍යසාර සහ සිගරැට් භාවිතයෙන් දෛනිකව පුද්ගල මරණ 80ක් පමණ සිදුවන බවත්, සියයකට අධික පිරිසක් රෝගීන් වන අතර, ඒවායින් ලැබෙන බදු ආදායමට වඩා වැඩි මුදලක් රෝගී ජිවිත සඳහා ප්‍රතිකාර, රැකබලා ගැනීම නඩත්තු කිරීමට වැය කෙරෙන බවත්, හෙතෙම වැඩිදුරටත් පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart