March 2, 2025

බලන්ගොඩ බෙලිහුල්ඔය සංචාරක කලාපයට අයත් හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේම ඉහළ යෑමත් සමග එම ගංවතුරට කොටුවූ පුද්ගලයන් 35 දෙනකු නිරැපද්‍රිතව බේරාගැනීමට යුද හමුදා ගැමුණු හේවා බලකායේ නන්පෙරියල් කඳවුරේ නිළධාරීන් ඊයේ (01) දා සවස සමත්ව තිබේ.

කොලොන්නාව ප්‍රදේශයේ සිට පැමිණි දේශීය සංචාරකයන් පිරිසක් මෙලෙස ගංවතුරට කොටුවී සිට තිබේ.

එම කණ්ඩායමේ සංචාරකයන් 75 දෙනකු පමණ පැමිණි ඇති බව වාර්තා වේ.

ඉන් තිස්පස්දෙනෙකු හිරැකටු ඔයේ එගොඩට ගොස් තිබෙන අතර, හිරිකටු ඔය ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පැවැති අධික වර්ෂාවත් සමග ඔයේ පහළ කොටසේ ජල මට්ටම අනපේක්ෂිත ලෙස ගොස් මෙම පිරිස නැවත මෙගොඩට ඒමට නොහැකිව කොටුවී සිට තිබේ.

මේ සම්බන්ධයෙන් නන්පෙරියල් යුද්ධ හමුදා කඳවුරෙ සහ සමනලවැව පොලිසිය දැනුවත් කිරිමෙන් පසු, ගැමුණු හේවා බලකායේ නන්පෙරියල් කඳවුරේ ස්ථානගතප ආපදා සහන සේවා භට පිරිස් විසින් මෙහෙයුමක් දියත්කර ඔවුන් නිරැපද්‍රිතව හිරැකටු ඔයෙන් මෙගොඩට රැගෙන ඒමට කටයුතු කර තිබේ.