43.4%
15.4%
30.9%
August 16, 2024

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ‘පුළුවන් ශ්‍රී ලංකා’ ගිවිසුමට පක්ෂ සහ සන්ධාන තිස් හතරක් (34) අත්සන් තබා තිබේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ අද සංවිධානය කර තිබූ උත්සවයකදී ගිවිසුමට අත්සන් තැබීම සිදු විය.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්ව තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

ඒ, 2024 සැප්තැම්බර් 21 වන දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිටින අපේක්ෂකයන් 39 දෙනාගෙන් එක් අයකු ලෙසය.

43.4%
15.4%
30.9%