April 30, 2025

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් සිව්දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.

සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 322ක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.

මීට අමතරව ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.