March 1, 2025

මිනුවන්ගොඩ සිට සේරුවාවිල දක්වා වන්දනාකරුවන් රැගෙන ගිය බස් රථයක් මුතූර්හිදී අනතුරකට ලක්ව ඇත.

බස් රථය ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

අනතුරට හේතුව පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.