January 24, 2024

පසුගිය 2023 වසරේදී දඬුලේනුන්, වඳුරන් හා රිළවුන් පොල් ගෙඩි මිලියන 300ක් විනාශ කර තිබෙන බව පොල් සංවර්ධන මණ්ඩලය මෑතකදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වෙත භාරදුන් වර්තාවක දැක්වේ.

විශේෂයෙන් වල් ඌරන්, රිළවුන් හා දඬුලේනුන් වගාවලට අතිවිශාල විනාශයක් කරන බව ගොවීහු පෙන්නා දී ඇත.

මෙම විනාශය වළක්වා ගැනීමට හා තම වගාවන් ආරක්ෂා කර ගැනීමට නම් තමන්ට ගිනිඅවි ලබා දෙන ලෙස ගොවීන් ඉල්ලා තිබේ.

පසුගිය දිනවල කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වියළි කලාපයේ දුෂ්කර වගා ප්‍රදේශ ලෙස සැළකෙන නිකවැරටිය, නිකවැව, මොරගොල්ලාගම, නියදගම වැනි ප්‍රදේශවල ගොවි ජනතාව හමුවෙමින් කළ නිරීක්ෂණ චාරිකාවකදී ගොවීන් ඍජුවම ප්‍රකාශ කර තිබෙන්නේ ඉත්තෑවන්, වල් ඌරන්, දඬුලේනුන් හා රිළවුන්ගෙන් තම වගාවලට දැඩි හානියක් සිදුවන බැවින් මෙයින් තම වගාවන් ආරක්ෂා කර ගැනීමට ගිනිඅවි ලබාදෙන ලෙසයි.(මව්බිම)

42.31%
17.27%
32.76%