
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දළ වටිනාකම රුපියල් මිලියන 30ක් පමණ වන නව ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක 228 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අද සිය භාරයට ගෙන තිබේ.
ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ මෙම ඉලෙක්ට්‍රොනික උපාංග ගුවන් තොටුපළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ දමාගොස් තිබියදී සොයාගත් බව රේගු නිලධාරීහු පවසති.
එම නිලධාරීන්ට අනුව ඩුබායි සිට කටුනායකට ළඟා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි මගියකු විසින් මෙම උපාංග තොගය මෙරටට රැගෙනවිත් තිබේ.
එහෙත් රේගුව හරහා භාණ්ඩ තොගය රට තුළට රැගෙන ඒම දුෂ්කර බව හඳුනාගත් මගියා තීරුබදු රහිත ප්‍රදේශයේදී එම ගමන් මලු අතහැර ගොස් ඇතැයි විශ්වාස කෙරේ.
රේගු නිලධාරීන් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරමින් මගියා හඳුනාගැනීමට උත්සාහ කරමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart