Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුවන් තිස්දෙදෙනකු පසුගිය වසර පහේදී දරුකමට හදාගැනීම සඳහා විදේශයන්හි ධනපතියන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
හදාවඩා ගැනීම සඳහා දුන් දරුවන් සම්බන්ධයෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පසු විපරම් වාර්තා ලබාගත යුතු වුවද එම වාර්තා නිසි පරිදි අඛණ්ඩව වසර දහයක් යන තෙක් ලබානොගැනීම හේතුවෙන් ඒ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර නොමැති බව නිරීක්ෂණය වී ඇතැයි ද වාර්තාවේ දැක්වේ.
එසේම ජාතික ප්‍රතිපත්ති හා ජාතික ප්‍රමිතීන්ට අනුකූලව අසරණ ළමයින් සහ නීතිමය ගැටලුවලට මුහුණදුන් පිරිස් වෙත සමාන අවස්ථාව උදාකර දීම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙවර වුවද එම දරුවන් සම්බන්ධ දත්ත පද්ධතියක් පවත්වාගෙන යෑමට හා දරුවන්ගේ අයිතීන් තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් නිසි යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාවට නංවා නොතිබුණු බව ද වාර්තාව සඳහන් කරයි.
දරුවන් හදා වඩා ගැනීමේ ආඥා පනත කාලීන අවශ්‍යතාවට ගැළපෙන ලෙස සංශෝධනය වී නොතිබුණු බවද එහි සඳහන් වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart