Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන ජනතාව විසින් ඉවතලන ප්ලාස්ටික් බෝතල් ටොන් තුනක් මෙවර ශ්‍රී පාද වාරය ආරම්භයේ සිට ගෙවීගිය මාස තුනක කාලය ඇතුළත එකතු කර ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාව නිවේදනය කරයි.
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් පවසන්නේ, එම මාර්ගයේ ගමන් ගන්නා වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් ජල බෝතල් බැහැර කිරීම සඳහා කසල බඳුන් සවිකර ඇති බවයි.
කෙසේවෙතත් ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් කසළ බඳුන්වලට නොදමා පරිසරයට විසිකරන බව ඔහු පවසයි.
ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් නල්ලතන්නිය කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය අතර, ඒවා පෞද්ගලික අංශයට අලෙවි කරන බව ලේකම්වරයා සඳහන් කරයි.
මේ අතර පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් නල්ලතන්නිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවක් මතුව තිබේ.
මෙම ගැටලුවව විසඳීම සඳහා ජල සම්පාදන මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart