Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන නගරය ආසන්නයේදී පාසල් සිසුවකු විසින් පැදවූ ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තවත් පාසල් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේය.
තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන කඩවල දෙමළ මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.
ත්‍රිරෝද රථය පැදවූ සිසුවා අපරික්ෂාකාරී ලෙස වෑන් රථයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
ත්‍රිරෝද රථය පෙරළීම නිසා ත්‍රිරෝද රථයේ මගී අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගයට විසිවී ගොස් තිබේ.
ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ පෞද්ගලික බස් රථය ප්‍රධාන මාර්ගයට විසිවී ගිය ළමුන් තිදෙනා මතින් ධාවනය වීම වැළැක්වීම සඳහා රජයේ ගොඩනැඟිල්ලක තාප්පයේ ගැටී තිබේ.
සිද්ධියෙන් බස් රථයේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart