Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරියක් තුළ ඔට්ටු ඇල්ලීමට පහසුකම් සැලසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ, සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් තිදෙනා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සපයමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය වෙත කියා සිටියේ සැකකරුවන් මේ වසරේ ජුලි මාසයේ අවමංගල්‍ය නිවසක සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් බවයි.
අධික ලෙස මත් වී සිටි පිරිස පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ඉහත කී පොලිස් නිලධාරීන් විසින් පොලිසියට රැගෙනවිත් සිර මැදිරියක තබා ඇත.
නියෝජ්‍ය පොලිස්පති තල්දූව පැවසුවේ සැකකරුවන් කෙසේ හෝ රැඳවුම් මැදිරිය තුළ ද සූදු කෙළීම ආරම්භ කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart