43.4%
15.4%
30.9%
August 15, 2024

2024 ජනාධිපතිවරණයට අදාළව ඉදිරිපත් කර තිබූ නාමයෝජනා 39 අතරින් 3කට විරෝධතා ඉදිරිපත්ව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ  එම විරෝධතා තුනම ප්‍රතික්ෂේප කළ බවයි.

පිළිගත් දේශපාලන පක්ෂ 22කින් දේශපාලන පක්ෂ1 කින් සහ ඡන්දදායකයන් විසින් නම්කළ 16දෙනෙකු වශයෙන් අද දින නාමයෝජනා ඉදිරිපත් කර තිබිණි.

නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම සඳහා අද පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ලබා දී තිබිණි.

එම කාලය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම අදාළ විරෝධතා අධ්‍යයනය කර මෙම නිවේදනය ප්‍රකාශයට පත්කළේය.

ජනාධිපතිවරණය සඳහා 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණ ද නාමයෝජනා භාරදෙනු ලැබුවේ අපේක්ෂකයන් 39 දෙනෙකු පමණි.

43.4%
15.4%
30.9%