42.31%
17.27%
32.76%
August 15, 2024

ඇමැති ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගෙන ඒම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු මෙන්ම කම්කරු සහ විදේශ රැකියා යන ඇමැති ධුර ද ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ.

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන හිටපු ඇමැතිවරුන් මීට පෙර හොබවනු ලැබූ ඇමැති ධුර මෙලෙස ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ .

ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වීම හේතුවෙන් මෙම ඇමැති ධුර පුරප්පාඩු විය.

42.31%
17.27%
32.76%