
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනයට සැකපිට තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අලුත්කඩේ අංක 05 මහේස්ත්රාත් අධිකරණයේදී පසුගිය19වැනිදා සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරගෙන යනු ලබන විමර්ශන වලදී
මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පහත සැකකරුවන් තිදෙනා ඊයේ(22) අත්අඩංගුවට ගෙන ඇත.
01. හොරණෑකාරගේ දමිදු ලක්ෂාන්
වයස අවුරුදු – 22
අපරාධය සදහා යොදාගත් ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිට අපරාධයට පෙර දින වෙඩික්කරු හට ලැබීමට සලස්වා අපරාධයට ආධාර අනුබල දීම.
02. පුල්ලේපෙරුම ආරච්චිගේ දමිත් අංජන නයනජිත්
වයස අවුරුදු – 25
අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්රීරෝද රථයකින් ප්රවාහනය කර අපරාධයට ආධාර අනුබල දීම.
03. පුල්ලේපෙරුම ආරච්චිගේ චමෝත් ගිම්හාන
වයස අවුරුදු – 19
අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්රීරෝධ රථයකින් ප්රවාහනය කර අපරාධයට ආධාර අනුබල දීම.
සිද්ධියට සම්බන්ධ ත්රීරෝධ රථයද මේ වන විට විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart