June 25, 2024

නුදුරු දිනකදී සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයක් පිළිබඳ මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම යටතේ මේ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කැබිනට් සංශෝධනය ඉදිරි සති දෙක තුළ සිදුකෙරෙනු ඇති බවටත් එමගින් පවතින ඇමැති ධුර වෙනස්වනු ඇති බවටත් අපේක්ෂා කෙරේ.

මෙම සංශෝධනය ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමේ දී පාලක පක්ෂයේ පරිපාලන රාමුව ශක්තිමත් කිරීම අරමුණු කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර හිටපු ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපති වික්‍රමසිංහ සමඟ සන්ධානගත වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගියදා පැවති උත්සවයකදී ජනාධිපතිවරයා සමග සමීප සංවාදයක නිරත වන අයුරු දැකගත හැකි වූ අතර එහිදී ඔහු වත්මන් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය ද පළ කළේය.

මීට අමතරව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ව්‍යංගයෙන් විවේචනය කරමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ද ජනාධිපතිවරයාට සහය දැක්වීමට නැඹුරු වී ඇතැයි වාර්තා වේ.

වාර්තා වන පරිදි වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද ජනාධිපති වික්‍රමසිංහ සමඟ එක්වීමට නියමිතය.

මෙම දේශපාලනඥයන් ජනාධිපති වික්‍රමසිංහ සමඟ එක්වීමට නියමිත නිල උත්සවය මේ සතිය අගදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

42.31%
17.27%
32.76%