Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන් හේතුවෙන් මියගොස් ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
අද පෙරවරුවේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියාසිටියේ අද පෙරවරුවේ විවිධ ප්‍රදේශවල මැතිවරණ රාජකාරියේ නිරතව සිටියදී මෙම නිලධාරීන් රෝගාතුර වී ඇති බවයි.
හෘදයාබාධ වැනි ස්වභාවික හේතූන් මත ඔවුන් මියගොස් ඇති බවට වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
කෝපායි, කුරුඹුරෙයි ප්‍රදේශයේ පාසලක සේවයේ යෙදී සිටි 33 හැවිරිදි පොලිස් නිලධාරියකු මියගොස් ඇති අතර, ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇතැයි සැකකෙරේ.
කැස්බෑව ප්‍රදේශයේ සිරි සදහම් භික්‍ෂු ආරාමයේ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස පත්වීම් ලැබූ 48 හැවිරිදි කාන්තාවක් ද රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ රෝගාතුර වීමෙන් මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පයාගල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ය.
කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කළ 57 හැවිරිදි පුද්ගලයකුද මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ රෝගාතුර වී මියගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
මෙම නිලධාරීන් තිදෙනාම හෘදයාබාධයකින් මියයන්නට ඇති බවට සැකකරන අතර, මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart