November 21, 2023

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

2024 අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 77ක් ලැබිණි.

මන්ත්‍රීවරුන් 25ක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) 2024 අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර විපක්ෂ සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලවේගය (NPP) ඊට විරුද්ධව ඡන්දය දුන් දේශපාලන පක්ෂ අතර විය.

2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 13 වැනි දින මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

42.31%
17.27%
32.76%