Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසර තුළදී පමණක් යුදහමුදා සාමාජිකයන් 27,000කට ආසන්න පිරිසක් සේවය අත්හැර ගොස් ඇතැයි අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි.
එසේම හමුදාවේ ඉහළ තනතුරුවල පවතින ගැටළු හේතුවෙන් සමස්ත හමුදාවටම එය බලපා ඇති බවද ප්‍රකාශ විය.
මෙම අදහස් පලකරන ලද්දේ, අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ය.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවැසීය.
“දේශපාලකයන්ට පසුව වැඩියෙන්ම බැණුම් අහන කණ්ඩායම ඉන්නේ පොලීසියේ. අනෙක් කරුණ ඉතිහාසය පුරාම දේශපාලකයින් විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් වේ නම් ඒ තමයි පොලීසිය.
යුද හමුදාවේ දෙවනියාගේ (යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි) තනතුරේ ඔක්තෝබර් 13 සිට මේ දක්වා දින 40ක් පුරප්පාඩු වෙලා තිබෙනවා. මේ නිසා හමුදාවන් ඇතුළේ ගැටලුවක් මතුවෙලා.
පොලිස්පති ධුරයටත් ඒක තමයි වෙලා තියෙන්නේ.
ඒ වගේම 2023 වසර තුළදී යුද හමුදාව ඇතුළේ 27,000කට ආසන්න පිරිසක් සේවය අත්හැර ගිහින් තිබෙනවා. එක්කෝ විශ්‍රාම ගිහින්. නැතිනම් සේවය අතහැර ගිහින්. එක්කෝ ඉල්ලා අස්වෙලා. ඒ කියන්නේ මොනාහරි ගැටලුවක් තිබෙනවා. ඒක හොයන්න ඕනේ.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවිශ්වාසයක් සමාජය තුළ ඇතිවෙලා. අවිනිශ්චිතභාවය පිළිබඳ හැගීමක් මතුවෙනවා.
ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් ඇමතිවරයෙක් මේ සභාවෙදිත් කිව්වා ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බයයි කියලා. ඔහුගේ ජීවිතයට තර්ජනයක් තිබෙනවා කියලා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මේ අවුරුද්ද දිහා බැලුවොත් හැම මාසෙකට සාහසික මනුෂ්‍ය ඝාතන 50ක් පමණ සිදුවෙනවා. ඒ කියන්නේ පැය 14කට වරක් එක මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා.
නීතියේ ප්‍රමාදය පොලීසිය පාලනය කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. පොලීසියේ භෞතික පහසුකම්වල විශාල කඩාවැටීමක් සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ පොලීසියට රාජකාරී කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. මේවා හදාගත්තේ නැත්නම් තත්ත්වය තවත් බරපතළ වෙයි”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart