Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවනැල්ල ප්‍රදේශයේ පැවති බොක්සිං පන්තියකට සහභාගි වෙමින් සිටි සිසුන් 27 දෙනකු ඇතුළු තිස්දෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව රෝහලේ උසස් නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
මෙම ප්‍රහාරය සිදුවී ඇත්තේ බහු බඹර කූඩු සඳහා ප්‍රසිද්ධ අතහැර දැමූ මහල් දහයක ගොඩනැගිල්ලක් ආසන්නයේ වන අතර එය කාලයක් තිස්සේ අවට ප්‍රදේශය පීඩාවට පත්කළ අනතුරුදායක ස්ථානයක් බව ප්‍රදේශවාසීහු පවසති.
මාවනැල්ල නගරයට පැමිණෙන නිවැසියන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල පළකරමින් ප්‍රදේශවාසීන් මෙම කූඩු තිබීම පිළිබඳව බලධාරීන්ට නැවත නැවතත් දැනුම් දී ඇත.
කෙසේවෙතත් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ඉහත කී ගොඩනැගිල්ල අසල අද පැවැති අතිරේක බොක්සිං සැසියක් අතරතුර මෙම අනතුර සිදුවී ඇති අතර, එහිදී මාපියන් තිදෙනෙකු සමඟ සිසුන් බඹර රංචුවකට ගොදුරුවී තිබේ.
ප්‍රහාරයෙන් පසු දරුවන් 27 දෙනාම දෙමාපියන් තිදෙනෙකුද කැටුව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිති.
ප්‍රහාරයට ලක් වූ සියලුම දරුවන් වයස අවුරුදු 15 ට අඩු අය වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart