August 12, 2023

තුර්කියේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කම්කරුවන් 27 දෙනෙක් තුවාල ලබා තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල්හි Eyüpsultan දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකික කම්කරුවන් 39 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් රැගෙන යමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ඉස්තාන්බුල් ගුවන්තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටි මෙම කම්කරුවන් සේවය අවසන් කර නවාතැන වෙත යමින් සිට තිබේ.

මූළික සොයාගැනීම්වලින් පෙනීගොස් ඇත්තේ, බස් රථයේ රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයන් දැනට ස්ථාවර තත්ත්වයෙන් පසුවන බව සඳහන් වන අතර, මරණ කිසිවක් වාර්තා වී නොමැත.

රථයේ සිටි 40 දෙනාගෙන් 27 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත්, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් Eyüpsultan දිස්ත්‍රික් ආණ්ඩුකාර İhsan Kara සඳහන් කර ඇත.

ප්‍රවාහන සමාගමේ හිමිකරු සඳහන් කර ඇත්තේ, තිරිංග ක්‍රියා විරහිත වීමක් මෙම සිද්ධියට හේතු වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වහා ප්‍රතිචාර දැක්වූ තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක වී තත්ත්වය සවිස්තරාත්මකව තක්සේරු කිරීම සහ විපතට පත්වූවන්ගේ සුබසාධනය අධීක්ෂණය කිරීම සඳහා නිල නියෝජිතයෙක් පිටත් කර යවා ඇත.

Istanbul Bus Crash: Numerous Sri Lankans Injured During Post-Shift Travel

Bus with Lankan workers fall down precipice in Istanbul