March 23, 2025

2025 ආරම්භයේ සිට ශ්‍රී ලංකාව තුළ තුවක්කු භාවිතයෙන් සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, රට පුරා වෙඩිතැබීම් සිදුවීම් 27 ක් හේතුවෙන් මරණ 22 ක් සහ තුවාල සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පොලිසිය වාර්තා කරයි.

ප්‍රචණ්ඩත්වයේ රැල්ල ජනවාරි මස මුලදී ආරම්භ වූ අතර, මාර්තු මාසය දක්වාත් එය පැවැතිණි.

ගල්කිස්ස, මන්නාරම, ගාල්ල, කොටහේන සහ දෙවිනුවර ඇතුළු රදේශවල රැසක සිදුවීම් වාර්තා විය.

වින්දිතයින් අතර සිවිල් වැසියන්, පාතාල කල්ලි සාමාජිකයන් යැයි කියනු ලබන අය සහ හිටපු බන්ධනාගාර නිලධාරියකුද ඇතුළත්ව සිටී.

වඩාත්ම කැපීපෙනෙන සිදුවීම් අතර පෙබරවාරි 19 වැනි දින මිද්දෙනියේ දී පුද්ගලයකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීම සහ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී පාතාල නායක ගනේමුල්ල සංජීවගේ ඝාතනය වාර්තා විය.