May 18, 2024

කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී අද (18) සවස පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 26 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කර ඇති පුද්ගලයන් 26 දෙනාගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මහනුවර සිට අවිස්සාවේල්ල දක්වා අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අනතුර සම්බන්ධයෙන් පිංදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%