January 12, 2024

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් මිලියන 220ක් වන්දි වශයෙන් ගෙවා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේම, මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආධාර ලබාදී ඇති බවද හෙතෙම පැවැසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ දරුවන් සඳහා ද ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

“බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ දරුවන්ට මාසික ආධාර ලබාදීමට රුපියල් මිලියනයක මුදලක් වැය කර තිබෙනවා. ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ සමාජ සේවා අංශය වන ‘සෙත් සරණ’ විසින් ආධාර ලබන්නන් නිර්දේශ කරනවා” ඇමැතිවරයා එහිදී පැවැසීය.

42.31%
17.27%
32.76%