February 22, 2025

මෙම වසරේ ගතවූ කාලය තුලදී සිදුවීම් 22 ක් වාර්තා වී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඒ අතර ඝාතන 17 ක් සහ කපාකොටා ඝාතනය කිරීමේ සිදුවීම් 05 ක් වන බවයි. ඊට අමතවර එම සිදුවීම් සඳහා ඍජුව හෝ වක්‍රව ආධාර අනුබල දුන් පොලීසියේ හෝ ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳ අනාවරණය වී ඇති බවත් එවැනි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, එක් හමුදා සාමාජිකයෙකු සහ එක් ගුවන් හමුදා සාමාජිකයෙකු මෙන්ම හමුදාවෙන් පළා ගිය පුද්ගලයින් 07 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.