December 31, 2023

2024 ඡන්ද හිමි නාමලේඛන ලියාපදිංචි කිරීම හෙට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව, ඊට අදාළ උපදෙස් මේ වනවිට නිකුත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L. රත්නායක පවසයි.

2024 ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීම පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර ඇති නමුත්, 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් ඊට අදාළ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට තීරණය කළ බව සභාපතිවරයා සඳහන් කරයි.

2024 ඡන්ද හිමි නාමලේඛනය නුදුරේදීම මහජනතාවට ලබාගත හැකි වනු ඇත.

42.31%
17.27%
32.76%