Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව, මැලේසියාව සහ එක්සත් රාජධානිය අතර ක්‍රියාත්මක වූ ප්‍රධාන ළමා ජාවාරමක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇති අතර, එහි විමර්ශන කටයුතුවලදී කොළඹින් පිටත්ව ගිය 20,000 කට අධික ළමුන් සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකෙරී ඇති බව වාර්තා සඳහන් කරයි.
වයස අවුරුදු 16 ට අඩු ළමුන් සම්බන්ධව පසුගිය මාස කිහිපය තුළ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින් (BIA) වාර්තාවන 20,000 කට අධික පිටත්වීම් අතරින් මැලේසියාවට කළ සංචාර 150 ක් පිළිබඳව පරීක්ෂණයක් දියත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
මැලේසියානු ආගමන විගමන බලධාරීන් විසින් ශ්‍රී ලාංකික දරුවන් එක්සත් රාජධානියට ජාවාරම් කිරීමේ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන, 16 හැවිරිදි දරුවෙකු නැවත කොළඹට පිටුවහල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළේය.
මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම සඳහා ශ්‍රී ලාංකික දරුවෙකු සමඟ පැමිණි දේශීය යුවළක් ක්වාලාලම්පූර් ආගමන කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව මැලේසියානු මාධ්‍ය 2023 අප්‍රේල් මාසයේදී වාර්තා කළේය.
බාලවයස්කාර දරුවන් සිටින දිළිඳු මැලේසියානු පවුල්වල දෙමාපියන්ට ඔවුන්ගේ උප්පැන්න සහතික සහ ශ්‍රී ලාංකික දරුවන්ට මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමට තොරතුරු ලබා ගැනීමට සංවිධානාත්මක කණ්ඩායමක් මුදල් ගෙවන බව මැලේසියානු බලධාරීන්ගේ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.
නියම මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට සමත් වූ ශ්‍රී ලාංකික දරුවන් යුරෝපයට සහ එක්සත් රාජධානියට යවා ඇති අතර මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයකින් යුරෝපයට යවන සෑම ශ්‍රී ලාංකික දරුවෙකු සඳහාම යුරෝ 30,000 සිට 50,000 දක්වා අදාළ කණ්ඩායමට ලැබී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart