August 29, 2024

පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ 200ක් විදුලියෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගය ඇතිව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

තිරසාර ප්‍රවාහන විකල්පයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මූලික වශයෙන් ඉලක්ක කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථයි.

කාන්තාවන්, ආබාධිත පුද්ගලයන් සහ තනි ත්‍රිරෝද රථයකින් ජීවනෝපාය පවත්වාගෙන යන පවුල් සඳහා මෙම ව්‍යාපෘතියේදී විශේෂ සැළකිල්ලක් දක්වා ඇත.

ඒ අනුව තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී මෙම කණ්ඩායම්වලට ප්‍රමුඛත්වය දී තිබේ.

‘පිරිසිදු ගමනක් – හරිත හෙටක්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.