February 17, 2024

දිවයින පුරා සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම්වරුන් 341න් 200කට වැඩි පිරිසකට ඉදිරියේදී සිය තනතුරු අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාරිතා වේ.

රාජ්‍ය සේවා කොමිසමේ නවතම නිර්දේශයක් අනුව රාජ්‍ය පරිපාලන සේවයේ II හා III වැනි ශ්‍රේණිවල සිටින නිලධාරින්ට ප්‍රාදේශීය ලේකම් තනතුර දැරිය නොහැකි වීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇහැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ද්‍රියන්ත ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ලෙස පත්කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාර්න් පමණක් යැයි කී හෙතෙම 2 හා 3 ශ්‍රේණිවල නිලධාර්ක් තනතුරු දරන ප්‍රාදේශීය ලේකම් තනතුරු පුරප්පාඩු වූ ඒවා ලෙස සැලකෙන්නේ යැයිද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

කෙසේවෙතත් මෙම නව පත්වීම් කෙරෙන්නේ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව යැයිද මේ වනවිටත් එම පත්වීම් ලබාදීම ආරම්භ කර ඇතැයි ද අශෝක ප්‍රියන්ත සඳහන් කරයි.

නිදසුනක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16න් පළමු ශ්‍රේණියේ නිලධාරීන් සිටින්නේ තුන්දෙනකු පමණක් යැයිද සෙසු ප්‍රාදේශීය ලේකම්වරුන් 13 දෙනාම 2 වැනි ශ්‍රේණියේ නිලධාරීන් යැයි ද ඒ මහතා කීවේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මේ අදහස් පළකර ඇත්තේ, රත්නපුර නිලමේ ඡන්ද හා ප්‍රාදේශීය ලේකම්වරුන් මාරුකිරීම අතර අන්තර් සම්බන්ධයක් ඇති බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් ‘ඉරිදා මව්බිම’ කළ විමසීමකදීය.

මෙම ක්‍රමවේදයේදී මෙතෙක් ප්‍රාදේශීය ලේකම් ධුර දැරූ පහළ ශ්‍රේණිවල නිලධාරීන් සංචිතයට යොමුකිරීමක් සිදුවන්නේ යැයි පවසා ඇති හෙතෙම එම නිලධාරීන් කොතෙක් කාර්යක්ෂම හා දක්ෂ අය වුවත් මෙම රාජ්‍ය සේවා කොමිසම් නිර්දේශයට හිස නවන්නට සිදු වන්නේ යැයි ද සඳහන් කර තිබේ.

දැනට ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් ධුරවල රාජ්‍ය පරිපාලන සේවයේ 2 හා 3 ශ්‍රේණිවල නිලධාරීන් 200කට වඩා සිටින්නේ යැයි ද ඔහු පෙන්වාදී ඇත.

කෙසේවෙතත් රාජ්‍ය සේවා කොමිසමේ මෙම නව නිර්දේශ කිසිසේත් ප්‍රායෝගික නොවන්නේ යැයි රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා චෝදනා කර ඇත.

මෙමඟින් සිදුවන්නේ සංචිතයට යොමුකරන මෙම නිලධාරීන්ට වෙනත් තනතුරු දීම සඳහා නැවත නැවතත් ගැසට් නිකුත් කිරීමට යැයි ද, ගැසට් නිකුත් කිරීම හැර වෙනත් වැඩක් කිරීමට වේලාවක් සොයාගත නොහැකි වනු ඇතැයි ද හෙතෙම පවසයි.

එසේම මෙමඟින් නිර්මාණය වන නව තත්ත්වය ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීමට පටන්ගෙන ඇතැයි ද, එය නොවැළැක්විය හැකි කරුණක් යැයිද රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් කිහිපදෙනකු නිලමේ ඡන්දයක් මුල් කරගෙන මාරුකළැයි කියමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයටද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.

42.31%
17.27%
32.76%